එංගලන්තය කොරෝනා හඳුනා ගැනීමට සිදුකරන පරීක්ෂණ පුළුල් කරයි
Wednesday, 29 April 2020 - 15:01 | Views - 515
එංගලන්තයේ කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ පුළුල් කර තිබෙනවා.
ඒ අනුව දිනකට පරීක්ෂණ ලක්ෂයක් සිදුකිරීමටයි ඔවුන් කටයුතු යොදා ඇත්තේ.
මේ වනවිට මිලියනයකට අධික ජනතාවක් තමන්ට කොරෝනා ආසාදිත වී ඇත්දැයි හඳුනා ගැනීම සඳහා පරික්ෂණ සිදුකරවා ගැනීමට ලියාපදිංචි වී තිබෙනවා.
එංගලන්තයෙන් කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ 61,145 දෙනෙකු වාර්තා වන අතර, එරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 21,678ක්.
Share This Article