පළාත් 6 කට අද පස්වරුවේ වැසි
Wednesday, 29 April 2020 - 14:55 | Views - 653
මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වලට අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි පවතින අවස්ථාවල අකුණු සමග තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, ඇල්පිටිය ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇදහැලූණු ධාරානිපාත වර්ෂාවත් සමග හමා ගිය තද සුළඟකින් ග්‍රාම සේවා වසම් 4ක නිවාස 5 කට හානි සිදුව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
ඕපාත, ඇල්පිටිය දකුණ, ඇල්පිටිය උතුර සහ දීගල යන ප්‍රදේශවල පිහිටි නිවාස කිහිපයකටයි මෙලෙස හානි සිදුව ඇත්තේ.
Share This Article