සිය හිමිකරු එනතුරු වසර තුනක් තිස්සේ බලා සිටින සුනඛයෙකු ගැන සංවේදී පුවතක්, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අනුවේදනීය පුවත වාර්තා වන්නේ කොරෝනා තිඹීරිගෙය වූ චීනයෙන්.
'හෙයි ෂී' යන නමින් හඳුන්වන මෙම සුරතලාගේ හිමිකරු, ෂියාන් නගරයේ වාසය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු 2017 වර්ෂයේදී දකුණු කොරියාවට ගොස් ඇති බව සඳහන්.
අසල්වැසියෙකු වන වැන්ග් හුයිලි ඉල්ලා සිටියේ මෙම සුනඛයා ආරක්ෂා කරගැනීමට උපකාර කරන ලෙසයි.
සුනඛයින්ට බිය දක්වන ඇතැමුන් හෙයි ෂී ගැන බලධාරින්ට පැමිණිලි කර ඇති බව ද ඇය කියන්නේ කණගාටුවෙන්.
කෙසේ වෙතත්, වතු යායේ බොහෝ අය හෙයි ෂී කෙරෙහි අනුකම්පාව දක්වන බවයි, ඇය කියන්නේ.
Dailymail ඇසුරිනි.