ඇඳිරිය අස්සෙ පොලිස් නිලධාරියෙකුගේ උතුම් ක්‍රියාවක් ගැන, මුහුණු පොතේ පළ වූ සංවේදී සටහනක්
Wednesday, 29 April 2020 - 13:50 | Views - 2,662
කොරෝනා මාරාන්තිකයා දැන් ඔබට මට නාඳුනන අමුත්තෙකු නොවෙයි. චීනයෙන් ලංකාවට නෑගම් ආපු කොරෝනාවට අපේ රටේ 600කට එහා පිරිසක් ගොදුරු වෙලා ඉන්නවා.
 
ඒ සියලු දේ මධ්‍යයේ ඔබ අපි වෙනුවෙන් මහමඟ දිවා රෑ නොතකමින් සේවයේ යෙදෙන ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොහෙත්ම අමතක කරන්න බැහැ.

තමන්ගේ ගම්බිම් වලටවත් නොයා, අඩුමගානේ දරු පැටියෙකුගේ මුහුණක් නොබලා ඔවුන් අපි වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා.
 
මේ එවන් පොලිස් නිලධාරියෙකුගේ උතුම් ක්‍රියාවක් ගැන මුහුණු පොතේ පළවුණූ සංවේදී සටහනක්....
 
ජීවිතේ කියන්නෙම තරඟයක්,එහෙමත් නැත්නම් මහා අබියෝගයක්,දිනුම් පැරදුම් මැද්දෙ මිනිස්සු නොමිනිස්සු අඳුරගන්න හරි අපූරු තැන් හම්බ වෙනව..
 
"තවත් මෙහෙම ඉන්න අමාරුයි මහත්තයා.
මට තෙරෙනව ඔයා ඉන්න තත්වෙ අපි අපේ ගෙදරට යමු""
 
මහ හුඟාක් හීන එක්ක බිරිඳගෙ මහ ගෙදරට ආවෙ කුළුදුල් දරු පැටියගෙ මූන බලන්න හිතාගෙන..මහා බයානක කාලෙකුත් අරන් පැටිය අපි අතරට ඇවිත් මාස එකහ මාරක් වෙන්න ආවත් තවම ආපහු ගෙදරට යාගන්න බැරි උනෙ මේ වසංගත කොරෝනා උවදුර නිසා...
 
යාන්තන් ජීවිතේ ගැටහග ගන්න දඟලන මිනිස්සු අතරෙ මාත් එක මනුස්සයෙක්.මහා ලොකු දේවල් ජීවිතේ බලාපොරොත්තු නොවෙන අපි වගෙ මිනිස්සුන්ට මේ වගෙ තත්වයක් කියන්නෙ හිතාගන්න බැරිතරම් අමාරුවක්..
 
අතේ තියෙන සල්ලි ටිකත් වියදම් වෙලා ඉවර වීගෙන යත්දි හරියටම අප්‍රේල්16 බිරිඳයි අලුත ඉපදුන කිරි කැටියයි අරන් මාරවිල පොලිස්සියට මම යන්න ආවෙ ඇඳිරි නීතී බලපත්‍රයක් ඉල්ලගෙන හරි ගෙදර යන්න හිතන්.ඒත් ඒ එන අතරමග පොලිස් රාලහාමි කෙනෙක් බයික් එක නතර කෙරුවා..
 
""කොහේද මෙ යන්නෙ දරුවෙකුත් අරන්..දන්නෙ නැද්ද,රටේ තියෙන තත්වෙ""
 
තියෙන අවදානම් තත්වෙ ගැන දැන දැනම මේ වගේ එලියට බැස්සෙ ඇයි කියන එක මට කියන්න සිද්ද උනා..
 
""අනේ......සර්"" මගේ ගම බුලත්සිංහල
වයිෆ්ට බබා හම්බ වෙන්න තමයි මහ ගෙදරට ආවෙ..දැන් මාස එකහමාරක්ට වැඩී..තවත් මට මෙහෙඉදන් ජීවත් වෙන්න විදිහක් නැ...,, පොලීසියට යන ගමන් ඇදිරිනීති බලපත්‍රයක් හදාගන්න..අපිට ආයෙත් ගමට යන්න..""
 
පොලිස් නිලදාරී මහතා ටිකක් වෙලා කල්පනා කරල විමසිල්ලෙන් අපි දිහා බලන් හිටිය..
 
""හරි..දැන් මේ වෙලාවෙ මෙහෙම ඔය දරුවත් අරන් ඔච්චර ලොකු ගමනක් යන්න බැහැනෙ...අර අතන සතොසට ගිහින් කන්න බොන්න ඕන කරන බඩු ටිකක් ගන්නවකො මං එන්නම් එතනට..""
 
හිතාගන්න බැරි උනත් ..මම බිරිඳයි දරුවයි එක්ක සතොසට ගොඩ වෙලා ඕනම කියල හිතෙන බඩු ටිකක් ගත්ත...
විනාඩි පහකට විතර පස්සෙ පොලිස් නිලදාරි මහතා අපි ගාවට ආවා... තෝරාගත් බඩුමල්ලට අමතරව ඔහු විසින්ම තවත් බඩුබාහිරාදිය කිහිපයක් බඩු මල්ලට එකතු කලා,,,
 
""ආ.. මෙන්න මේකෙ පෙට්‍රල් ටිකකුත් ගහගන්නව""
 
රුපියල් 3600 ක විතර බිල් පතකට මුදල් ගෙවල ඉතුරු සුලු මුදලකුත් බිල් පතත් මගේ අතට දුන්න..
 
දැන් ආපහු ගිහින් ..මෙ ටික දවසත් හිටපු විදිහටම ඉදල,මේ තත්වෙ අඩු උනාට පස්සෙ ගෙදර යනවල..මේ ලමයෙකුත් අරන් එහෙ මෙහෙ බොරුවට රතියාදු නොවී.....
 
නොවෙනස් උන උතුම් මිනිස්කම අපි අතරෙ තවම තියෙනව,ඒ හැමදේම අඳුර ගන්නත් අමාරුම කාලත් ජීවිතේට එන්න ඕන.ඒ උතුම්.මිනිසත් කම වෙනුවෙන් ඔහුට නිදුක් නිරෝගි බව ප්‍රාර්තනා කරමි...
 
ඔහු නමින් -
G K M U ගජනායක
මාරවිල පොලිස් ස්ථානය...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top