කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් ලෙස හෝමාගම රෝහල නම් කෙරේ
Wednesday, 29 April 2020 - 13:47 | Views - 667
හෝමාගම රෝහල අද සිට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහලක් බවට පත් කර තිබෙනවා. මේ දක්වා කොරෝනා ආසාදිත බවට සැක සහිත පුද්ගලයින් මෙම රෝහලේ රඳවා තැබුණු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.

එමෙන්ම, මේ වනවිට කිසිදු කොරෝනා ආසාදිතයෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර නොලබන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ වෛරසය ආසාදනය වූ 70 හැවිරිදි පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මේ වනවිට තරමක බරපතල තත්ත්වයෙන් පසුවන බවයි.

මේ අතර, නාවලපිටිය නගරයේ සියලුම වෙළඳසැල් අද සිට ලබන සඳුදා දක්වා වසා දැමීමට වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ නාවලපිටිය, අලුත්ගම සහ ගොන්දෙන්නාව ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් හමුවීම හේතුවෙන්. පසුගියදා නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වුණා.

මේ හේතුවෙන් මෙම ගම්මානවල සංචරණය සීමා කර තිබෙනවා. නාවලපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියා සිටියේ මෙම සෙබලුන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් 35 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top