කොරෝනා වලට බියෙන් කිං ජොන් අන් සැඟව සිටින බවට දකුණු කොරියාවෙන් චෝදනා
Wednesday, 29 April 2020 - 13:21 | Views - 1,615
මියගිය බවට වාර්තා වූ උතුරු කොරියානු නායක කිම් ජොං අන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා සැඟව සිටින බවට ඇමරිකානු ඔත්තු සේවා සහ දකුණු කොරියානු අමාත්‍යවරුන් ප්‍රකාශ කරන බව අද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
කිම් ජොං අන් මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව අතරට පැමිණීමෙන් වැළකී ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
හෘදයාබාධයක් හේතුවෙන් කිම් ජොං අන් මිය ගොස් ඇති බවට ප්‍රධාන පෙලේ විදෙස් මාධ්‍ය කිහිපයක් පසුගියදා වාර්තා කර තිබූ අතර, උතුරු කොරියාව සිය නායකයා මිය ගිය බවට හෝ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව මෙතෙක් කිසිදු නිළ නිවේදනයක් නිකුත් කර නැහැ.
Share This Article