පියා විසින් තම දරුවන් දෙදෙනාට පිහියෙන් ඇන ඝාතනය කර තමන්ද සියදිවි නසාගැනීමට උත්සහ කිරීමේ පුවතක් එංගලන්තයෙන් වාර්තා වනවා.
40 හැවිරිදි නිතින් කුමාර් නමැත්තෙකු විසින් අදාළ ඝාතනය සිදු කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඔහුගේ වයස අවුරුදු 3ක පසුවන පුතා සහ අවුරුද්දක් වයසැති දියණියයි.
සිද්ධිය සිදු වූ ස්ථානයේදීම අධික රුධිර වාහන වීමෙන් කුඩා දැරිය ජීවිත්ක්ෂයට පත්ව ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි පිරිමි දරුවා මිය ගොස් ඇත්තේ.
එම දරුවන්ගේ, පියා වන නිතින් කුමාර් මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව ද සදහන්.
මෙම සිදුවීම පසුගිය ඉරිදා පස්වරු 5.30ට පමණ සිදුව ඇති බවයි පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.
"මම නාන කාමරයේ ඉද්දී, දරුවෙකු වමනය කරනවා ඇහුණා. මම ඉක්මනින්ම දරුවාගේ නිදනකාමරයට ගියා. කාමරය පුරාවට ලේ තිබුණා. මේක දැක්කාම මට මොනවාද කරන්නේ කියලා හිතාගන්න බැරිව කෑගැහුවා"
''පුතාගේ බෙල්ලේ ගැඹුරු කැපුම් පහරක් තිබුණා. මම අයිස් ටිකක් ගන්න ෆ්‍රිඩ්ජ් එක ළගට ගියා, එතනත් ලේ විතරයි තිබුණේ. අයිස් අරන් ඇවිත් පුතාගේ බෙල්ලට තිබ්බත් එයාට හුස්ම ගන්න බැරි බවක් මට තේරුණා "
"ඒ වෙද්දී දුව බිම වැටිලා හිටියා. හුස්ම ගත්තෙත් නෑ.. මම පොලිසියට කතා කරන්න යද්දී, එයා මගේ පස්සෙන් පන්නන්න ගත්තා. ඔහු මට පහර දෙයි කියලා හිතලා මම ගෙදරින් එළියට පැන්නා, ඒ වෙලාව එයා ලිස්සලා වැටුණා." යනුවෙනුයි කුමාර් මහත්මිය පොලිසිය වෙත කියා ඇත්තේ.
කෙසේ වෙතත්, තම සැමියාට කිසිදු මනසික රෝගයක් හෝ එවැනි ලක්ෂණයක් නොතිබුණු බව ඇය පවසනවා.
මෙම සිද්ධිය අතරතුර ''මට සමාවෙන්න, ඔවුන් මාවත්, මගේ දරුවන්වත් මරයි " යනුවෙන් පැවසු බවයි නීශා කුමාර් ප්‍රකාශ කළේ.
මොවුන් දෙපළ 2012 වසරේදී ශ්‍රී ලංකාවේදී විවාහ වූ අතර කුමාර් 1999 වසරේ සිට බ්‍රිතාන්‍යයේ පංදිචිකරුවෙක් වනවා.
ඔහුගේ බිරිද බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් ඇත්තේ, 2015 වසරේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් බ්‍රිතාන්‍ය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.