බස්නාහිර පළාතේ 51,868ක් කොටු වෙයි
Wednesday, 29 April 2020 - 13:17 | Views - 1,700

ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වෙත යා නොහැකිව පුද්ගලයින් 51,868 දෙනෙකු පොලිස් ස්ථාන තුළ ලියාපදිංචි වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඔවුන් ගම්බිම් වෙත පිටත් කර හැරීම සඳහා මේ වනතුරුත් සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබාදී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ.
අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 159 ක්.
මේ අතර, දිවයිනට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ - නවදිල්ලි නුවර සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් කටුනායක - බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් අද උදෑසන පිටත්ව ගියා.
යූ.එල් - 1195 දරණ එම ගුවන් යානය කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විතයි.
අද දහවල් 12.35 ට මෙම යානය ඉන්දියාවේ - නවදිල්ලි නුවරට ළගා වීමට නියමිත අතර, පස්වරු 5ට යළි කටුනායක ගුවන්තොටුපල වෙත ළගා වීමට නියමිතව තිබෙනවා.
මින්නේරිය - කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වූ 49 දෙනෙකු ද අද උදෑසන ඉන් පිටව ගියා. දින 21ක් නිරෝධායනයට ලක්වූ පළමු පිරිස ලෙසයි මොවුන් අද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියේ.
Share This Article