ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අතර රෝගය පැතිර යාම මේ වනවිට පාලනය කර ඇති බවට ජනාධිපති කාර්ය සාධක බලකාය කියයි
Wednesday, 29 April 2020 - 13:13 | Views - 1,647
ආරක්ෂක අංශ සාමාජිකයන් අතර, කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කර ඇති බව ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා.

එහි ප්‍රධානී බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ කාර්ය සාධක බලකාය විසින් සෑම හමුදා කඳවුරක්ම නිරීක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ පෙරේදා දිනයේදී කොරෝනා රෝගීන් සිව්දෙනෙකු වාර්තා වීමත් සමඟ ඔවුන්ගේ සමීපතමයන් සහ ඥාතීන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීම තවදුරටත් සිදුවනවා.

ඊයේ දිනයේදී ද නාරාහේන්පිට - දාබරේ මාවත, මුත්තයියා පාර සහ හැව්ලොක් ලේන් යන ප්‍රදේශවල මෙලෙස පුද්ගලයන් 162 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කෙරුණා.

කෙසේ වෙතත්, ඒවායේ වාර්තාවන්ට අනුව, කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුනි සඳහන් කළේ.

මේ අතර, ගුණසිංහපුර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ පසුගියදා වසා දැමුණු මැනිං වෙළඳපොල දින 16 කට පසු අද යළි විවෘත කරනු ලැබුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top