ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අතර රෝගය පැතිර යාම මේ වනවිට පාලනය කර ඇති බවට ජනාධිපති කාර්ය සාධක බලකාය කියයි
ආරක්ෂක අංශ සාමාජිකයන් අතර, කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කර ඇති බව ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා.
එහි ප්‍රධානී බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ කාර්ය සාධක බලකාය විසින් සෑම හමුදා කඳවුරක්ම නිරීක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ පෙරේදා දිනයේදී කොරෝනා රෝගීන් සිව්දෙනෙකු වාර්තා වීමත් සමඟ ඔවුන්ගේ සමීපතමයන් සහ ඥාතීන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීම තවදුරටත් සිදුවනවා.
ඊයේ දිනයේදී ද නාරාහේන්පිට - දාබරේ මාවත, මුත්තයියා පාර සහ හැව්ලොක් ලේන් යන ප්‍රදේශවල මෙලෙස පුද්ගලයන් 162 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කෙරුණා.
කෙසේ වෙතත්, ඒවායේ වාර්තාවන්ට අනුව, කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුනි සඳහන් කළේ.
මේ අතර, ගුණසිංහපුර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ පසුගියදා වසා දැමුණු මැනිං වෙළඳපොල දින 16 කට පසු අද යළි විවෘත කරනු ලැබුවා.