පළමු වරට කොරෝනා ආසාදිත සුනඛයෙකු ඇමරිකාවෙන් සොයා ගැනේ
Wednesday, 29 April 2020 - 13:10 | Views - 679
කොරෝනා වෛරසය ආසාදනය වූ සුනඛයෙකු පළමු වරට ඇමරිකාවේ - උතුරු කැරොලිනා ප්‍රාන්තයෙන් සොයා ගෙන තිබෙනවා.

මෙම සුනඛයා ඇතිදැඩි කළ නිවසේ සිටි පුද්ගලයින් තුන්දෙනෙකුට ද පසුගිය මාසයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොරෝනා වෛරසය මිනිසුන්ගෙන් සත්ත්වයින්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පැවතියත් සත්ත්වයින්ගෙන් මිනිසාට එය සම්ප්‍රේෂණය වීමේ කිසිදු සාක්ෂියක් මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී නොමැති බවයි විශේෂඥයින් පෙන්වාදී ඇත්තේ.

මේ වනවිට ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවා තිබෙනවා.

ඒ අනුව එරට ආසාදිතයින් සංඛ්‍යාව දස ලක්ෂ 35,767ක් වන අතර පුද්ගලයින් 59,266ක් මියගොස් තිබෙනවා.

ඇමරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර, එරට මියගොස් ඇති සංඛ්‍යාව 27,359ක්.

මේ අතර, වෛරසය වැළදීමෙන් ශ්‍රී ලාංකිකයින් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින් 27 දෙනෙකු බ්‍රිතාන්‍යයේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට හිරු වාර්තාකරු ජනක අලහප්පෙරුම කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය විසින් නිපදවූ සිව් වන එන්නත සායනික පරීක්ෂණවලට අත්හදා බැලීමට අවසර ලබා දී තිබෙනවා.

එරට ජාතික එන්නත් පිළිබඳ ආයතනය විසින් එම එන්නත හඳුන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් යූ ටියුබ් සහ ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබට් සමාගමේ සේවකයින් බදවා ගැනීම අවම කිරීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මාර්තු මාසය අවසන් වන විට යූ - ටියුබ් හි ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.04ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 33ක වර්ධනයක් බවටයි වාර්තා වන්නේ.

මේ අතර, කොරෝනා වෛරසය පැතිර යන මෙම කාලයේ ගූගල් භාවිතය ඉහළ ගොස් ඇති අතර, යූ ටියුබ් හි කොවිඞ් නයින්ටීන් පිළිබද තොරතුරු කේන්ද්‍රය නරඹා ඇති වාර ගණන ද බිලියන 20 ඉක්මවා තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ලොව සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට තිස්එක් ලක්ෂ 38,895ක් වනවා.

මරණ දෙලක්ෂ 18,010 ක් ලොව පුරා වාර්තා වන අතර රෝගය ආසාදනය සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව නව ලක්ෂ 56,064ක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top