බාල්දියකට වැටී කුඩා පිරිමි දරුවෙකු මියයයි
Wednesday, 29 April 2020 - 11:54 | Views - 1,326
කොක්කඩිචෝලය පංවෙන, උන්නච්චිය ප්රදේශයේදී සෙල්ලම් කරමින් සිටින වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු වතුර බාල්දියකට දරුවාගේ හිස කොටස සිටින සේ වැටී සිටීම හේතුවෙන් දියේ ගිලී මියගොස් ඇති බව කොක්කඩිචෝලය පොලීසිය පවසනවා.
ඊයේ දින (28) දහවල් 12ත් 4ත් අතර කාලයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 2ක් වූ පංවෙන, උන්නච්චිය , කොක්කඩිචෝලය ප්රදේශයේ පදිංචි කුඩා පිරිමි දරුවෙක්.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මඩකලපුව රෝහලට රැගෙනගොස් ඇති අතර අද (29) දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
කොක්කඩිචෝලය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Share This Article