කිසිවෙකු නොසිතූ ලෙස තනිවම අලියෙකු ඉසෙඩ් ඩී ජල රකුසාගෙන් මිදී ගොඩගිය හැටි
Wednesday, 29 April 2020 - 11:45 | Views - 898
කිසිවෙකු නොසිතූ ලෙස තනිවම අලියෙකු ඉසෙඩ් ඩී ජල රකුසාගෙන් මිදී ගොඩගිය හැටි (වීඩියෝ)
පොළොන්නරුව මාදුරුඔය ප්රදේශයෙන් ඉසෙඩ් ඩී ඇලට වැටී සිටි වන අලියෙකු තනිවම ඉන් ගොඩ ආ අයුරු දැක්වෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් මීට පෙර මෙම ඇලට වැටුණු වන අලියන් ගොඩ ගැනීමට වනජීවී නිළධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව මහත් පරිශ්රමයක් දරනු ලැබුවා.
එසේ වුවද අද අප වෙත වාර්තාවූයේ මෙම වන අලියා උදෑසන 8ට පමණ ඇලෙන් ගොඩට පැමිණ ඇති බවයි.
මෙලෙස ගොඩ ආ අලියාගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවයි වාර්තාවන්නේ.
Share This Article