නිවාඩු ලැබ සිටින පුර්ණ අබාධිත සහ ප්‍රතිකාර ලබන හා ජාතික ක්‍රිඩා සංචිත නියෝජනය කරන හමුදා සාමාජිකයින්ට නිවෙස්වල රැදි සිටින ලෙසට අවසර ලබා දි ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය සිදු කළ විමසිමකදී ඔහු කියා සිටියේ මනුෂිය හේතුන් මත එලෙස ඔවුන්ට නිවෙස් තුළම රැදි සිටිමට අවසර ලබා දි ඇති බවයි.
එමෙන්ම ඊයේ රාත්‍රි වාර්තා වු කොරෝනා අසාදිතයින් 31 දෙනා අතර පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ යුධ හමුදා වෛද්‍ය බලකායේ තිදෙනෙක් සහ ඉන් එක් අයෙකුගේ හබරණ ප්‍රදේශයේ පදිංචි මිත්‍රයෙක් සිටින බවද යුධ හමුදාපතිවරයා සඳහන් කළා.