කොරෝනාත් සමඟ යූ - ටියුබ් සහ ගූගල් හි මව් සමාගම සේවකයින් බඳවා ගැනීම අඩු කරයි
Wednesday, 29 April 2020 - 10:00 | Views - 642
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් යූ ටියුබ් සහ ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබට් සමාගමේ සේවකයින් බදවා ගැනීම අවම කිරීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය වසරේ දෙසැම්බර් මාසය හා සැසදීමේදී මෙම මස මාර්තු වන විට සේවකයින් බදවා ගැනීම සියයට 3.5කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන්.

එමෙන්ම, මාර්තු මාසය අවසන් වන විට යූ - ටියුබ් සමාගමේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.04ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 33ක වර්ධනයක් බවටයි වාර්තා වන්නේ.

යූ ටියුබ් සමාගමට ලැබෙන වෙළඳ දැන්වීම් ප්‍රමාණයේ යම් අඩුවක් පවතින බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

එමෙන්ම, ඉදිරියේදී යූ ටියුබ් සමාගමේ වෙළද දැන්වීම් ආදායම පහළ යා හැකි බව ද එහි මව් සමාගම වන ඇල්ෆබට් හි ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වන රූන් පෝරැට් පවසනවා.

මේ අතර, කොරෝනා වෛරසය පැතිර යන මෙම කාලයේ ගූගල් භාවිතය ඉහළ ගොස් ඇති අතර, යූ ටියුබ් හි කොවිඞ් නයින්ටීන් පිළිබද තොරතුරු කේන්ද්‍රය නරඹා ඇති වාර ගණන ද බිලියන 20 ඉක්මවා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top