ඇමති දිනේෂ් එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය හමුවෙයි
Wednesday, 29 April 2020 - 9:56 | Views - 517
විදේශ සබඳතා නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හානා සින්ගර් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා සිම්රින් සිංග් හමුවී තිබෙනවා.
කම්කරු අමාත්‍යාංශයේ ඊයේ පැවති මෙම හමුවට ජාත්‍යන්තර විගමණික සංවිධානයේ මෙරට අධ්යක්ෂ සරට් ඩාෂ් ද එක්ව සිටියා.
එහිදී අවධානයට ලක්ව ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ව්‍යාපාර, දේශීය - විදේශීය රැකියා ක්ෂේත්රයට සිදුවන බලපෑම් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහය වීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම පිළිබදවයි.
Share This Article