කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රිික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට
Wednesday, 29 April 2020 - 8:55 | Views - 2,651
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රිික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී අටේ සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම පහට යළි ඉවත් කෙරුණා.

එලෙස ඇඳිරි නීතිය ඉවත් කෙරුණද එම ප්‍රදේශවල ගමනාගමනයේදී දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට ගමන් කිරීම තවදුරටත් සීමාසහිත වනු ඇති.

එමෙන්ම, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිවසින් බැහැරවීමේදී රජය හඳුන්වාදුන් ජාතික හැඳුනුම්පත් අංකවලට අනුව බදාදා දිනවලදී දෛනික අවශ්‍යතාවන් සඳහා නිවසින් බැහැරවිය හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පහ හෝ හය ලෙස සටහන් වන පුද්ගලයින්ට පමණයි.

පුද්ගල සංචරණය සීමා කිරීම සඳහා රජය මෙලෙස ජාතික හැඳුනුම්පතේ අංකවලට අනුව නිවසින් බැහැරවීමේ ක්‍රමවේදය හඳුන්වාදෙනු ලැබුවා.

එම ප්‍රදේශවලට ඉවත් කරනු ලැබූ ඇඳිරි නීතිය අද රාත්‍රි 8 ට යළි පනවනු ලබන අතර, අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට තවදුරටත් අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top