කොරෝනා මරණ දවසින් දවස වැඩිවෙද්දී, අතුරුදහන් වූ ඒකාධිපතියා හොයන්න, ඇමරිකාවෙන් ඔත්තු ගුවන් යානා 5ක්
Wednesday, 29 April 2020 - 7:48 | Views - 2,351

උතුරු කොරියානු නායක කිම් ජොන්, මේ වනවිට ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මිසයිලවලින් වැඩ පෙන්වූ කෲර ඒකාධිපතියෙකු ලෙස කවුරුත් දන්නා ඔහු "මියගොස් ඇති බවට" මීට පෙර වාර්තා පළ වුණා.
තවත් තැනෙක කියවුණේ, ඔහු හෘද සැත්කමකට භාජනය කොට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
කෙසේ වෙතත්, කිම් ජොන් ගැන පැතිර යන කටකතා මධ්‍යයේ එක්සත් ජනපදය විසින් ඔත්තු ගුවන් යානා පහක් උතුරු කොරියාවට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බීච්ක්රොෆ්ට් ආර්සී -12 ගාර්ඩ්රේල් ගුවන් යානා තුනක් සහ ඊඕ -5 සී 'Crazy Hawk' යානාවන් මේ අතර වන බවයි ඩේලිමේල් වෙබ් අඩවිය සඳහන් කළේ.
ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනයත් ඉක්මවා ඇති මොහොතක, ඇමරිකාව කිම් ජොන්ට අවධානය යොමු කිරීම ගැන බොහෝ පිරිසක් අප්‍රසාදය මතු කරමින් සිටිනවා.
මේ අතර, දකුණු කොරියාව ද එක් ඔත්තු ගුවන් යානයක් යවා ඇති බව වාර්තා වන අතර ඒ සඳහා වන හේතුවක් අනාවරණය වී නැහැ.
කිම්ගේ නම රටේ ජනමාධ්‍යවල දිගින් දිගටම දකින්න ලැබුණත්, ඒකාධිපතියාගේ ඡායාරූප නොමැතිවීම බොහෝ පිරිසකගේ සැක සංකාවට හේතු වී තිබෙනවා.
උතුරු කොරියානු ඒකාධිපතියා වූ කිම් ජොන් අන් මියගොස් සිටින බවට පළවන වාර්තා අසත්‍ය බවත්, ඔහු 'ජීවතුන් අතර ඉතාමත් හොඳින්' සිටින බවත් දකුණු කොරියානු ඉහළ ආරක්ෂක උපදේශකවරයෙකු මීට පෙරදී සඳහන් කළා.
චුන්ග්-ඉන්-මුන් නම් ඔහු පැවසුවේ ඒකාධිපතියා මියගොස් නොමැති බව තම රජයේ ස්ථාවරය බවයි.
මෙවන් පසුබිමක කිම් ජොන් උන් ගේ නිල දුම්රිය උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළාසන්න සංචාරක නිකේතන පිහිටි වොන්සාන් නගරයේ නවතා ඇති අයුරු ඇමරිකානු චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කර තිබෙනවා.
පසුගිය 21 වැනිදා සිට 23 වැනිදා දක්වා දුම්රිය එම ස්ථානයේ නතර කර තිබුණද උතුරු කොරියානු නායකයා සිටින ස්ථානය එමගින් පැහැදිලි නොවන බව ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඇතැම් නිලධාරින් විශ්වාස කරන්නේ, කොරියානු අර්බුදය මැද, උතුරු කොරියානු නායකයා එහි විවේක ගනිමින් සිටින බවයි.
පසුගිය දිනෙක මාධ්‍ය හමුවකදී ඇමරිකානු නායක ට්‍රම්ප්ද සඳහන් කළේ 'කිම් හොඳින් සිටින බව තමන්ට විශ්වාස' බවයි. එමෙන්ම, ඔහු මිය ගිය බවට පළවන වාර්තා සාවද්‍ය පදනම් විරහිත ඒවා බවයි, ලෝක බලවතා සඳහන් කරන්නේ.
මේ අතරතුර කිම් මියගොස් ඇති නම් උතුරු කොරියාවේ මිළඟ නායකත්වය කාට හිමි වේවීද යන්න මේ වනවිට කතාබහට ලක් ව තිබෙනවා.
විශ්ලේෂකයින් පවසන්නේ ඔහුගේ සහෝදරිය වන කිම් යෝ ජොං ඔහුගේ දරුවන් හැදී වැඩෙන තුරු එය භාර ගනු ඇති බවයි.
කිම් ජොන් ගේ අවසන් දින කිහිපය පහතින්...
අප්‍රේල් 11 - ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පාලක කම්කරු පක්ෂ කමිටුවේ රැස්වීමක, ඒකාධිපතියා මුලසුන හොබවයි.
අප්‍රේල් 15 - උතුරු කොරියාවේ ආරම්භක පියා සහ කිම්ගේ සීයා වන කිම් ඉල් සුං වෙනුවෙන් සැමරුම් උත්සවවලට කිම් නොපැමිණෙයි.
අප්‍රේල් 21 - දකුණු කොරියාවේ ප්‍රකාශිත 'ඩේලි එන්කේ' වෙතින් ඒකාධිපතියාට හෘද සැත්කමක් කර ඇති බව ප්‍රථම වරට වාර්තා කරයි.
අප්‍රේල් 23 - කිම්ගේ පෞද්ගලික දුම්රිය වොන්සන් හි නිවාඩු නිකේතනය අසල චන්ද්‍රිකා ඡායාරූපවල දක්නට ලැබේ. එය කිම් පවුලේ අයගේ භාවිතය සඳහා වෙන් කර ඇති ස්ථානයක වන අතර ඔහු ගමනාන්තයට ගොස් ඇති බවට කටකතා පැතිරෙමින් තිබෙනවා.
අප්‍රේල් 23 - ඒකාධිපතියාට ප්‍රතිකාර කිරීම සඳහා චීන වෛද්‍යවරු මේ කාලය තුළ උතුරු කොරියාවට පැමිණෙන බව වාර්තා වේ. චීනය තවමත් වාර්තා තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැත.
මේ අතරතුර එක්සත් ජනපදයේ බුද්ධි අංශ නිලධාරින් නිරන්තරයෙන් කිම් ජොන් පිළිබඳ විශ්ලේෂණය කරමින් සිටින අතරතුර එහි එක් නිලධාරියෙකු මාධ්‍යයට සඳහන් කළේ, කිම් ගැන මේ මොහොතේ ඉතාමත් විශ්වාසනීය තොරතුරු අත්‍යවශ්‍ය බවයි.
"ඔහු උතුරු කොරියාවේ දෙවියෙකු ලෙස සැලකෙන හෙයින්, ඔහුගේ මරණය ක්ෂණිකව රටක්ම අවුලන්න පුළුවන්. ඒ නිසා රට පුරා ආරක්ෂාව සඳහා රජය විසින් යමක් කළ යුතුව තිබෙනවා.. ඒ නිසා ඇතැම් විට රජය මේ ගැන නිවේදනය කිරීම හිතා මතා ප්‍රමාද කරනවා වෙන්න පුළුවන්.."
By Lakshan (Dailymail ඇසුරිනි.)
Share This Article