ආරක්ෂක උපකරණ හා ඇඳුම් හිඟවීම හේතුවෙන් නිරුවත් වූ ජර්මනියේ වෛද්‍යවරුන්
Wednesday, 29 April 2020 - 7:47 | Views - 5,844
කොරෝනා වෛරසය හා සටනට ආරක්ෂක උපකරණ හා ඇඳුම් හිඟවීම හේතු කොටගෙන ජර්මනියේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් සිය විරෝධය පළ කරන්නට අපූරු ක්‍රමවේදයක් භාවිතා කර තිබෙනවා.
 
ඒ නිරුවත් සෙල්ෆි ඡායාරූප නිකුත් කරමිනුයි.

ඔවුන් පවසන්නේ, මාස කිහිපයක් තිස්සේ කළ ඉල්ලීම්වලට බලධාරින් ඇහුම්කන් නොදුන් බවයි.
 
මෙම ඡායාරූපවල ඔවුන් තමන් වෛද්‍යවරුන් බව හැඟවීම සඳහා වෙදනලා, මුහුණු ආවරණ යොදාගෙන ඇති අයුරු දැකගන්නට ලැබුණා.
 
ඔවුන් පැවසුවේ,
 
"නිරුවත කියන්නේ අපි කොපමණ අවදානමක සිටිනවාද යන්න ඇඟවීමට හොඳ සංකේතයක්.." බවයි.
 
මෙම වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කරන්නේ, දැන් දැන් තමන්ට මෙහි දරුණු ප්‍රතිවිපාක විඳින්නට සිදු වේවි යන්නයි.
 
උපකරණ නිපදවන සමාගම් ඔවුන්ගේ නිෂ්පාදනය කරන ප්‍රමාණ වැඩි කළ නමුත් තවමත් ඉල්ලීම් සපුරා දී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
 
මිරර් පුවත්පත පවසන්නේ, මුහුනු ආවරණ‍, කණ්ණාඩි, ඇඳුම් ආයිත්තම් හා රැකවරණ සඳහා වන නිවාස, වෛද්‍යවරුන්ගේ මෙම ඉල්ලීම් අතර තිබෙන බවයි.
 
Dailymail ඇසුරිනි.










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top