A සාමාර්ථ 9ක් නොලැබීමේ දුකට ගෙළ වැළලාගත් සිසුවියක්, ගමක් හඬවමින් අවසන් ගමන් ගිය හැටි මෙන්න
Wednesday, 29 April 2020 - 7:40 | Views - 963
මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුවියක් අද (28) උදෑසන ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඇය පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුවියක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම සිසුවිය සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ 09ක් අපේක්ෂාවෙන් සිට ඇති අතර තමන් බලාපොරොත්තු වූ අයුරින් විභාගයේ ප්‍රතිඵලය නොලැබීම නිසා කනස්සල්ලට පත්ව ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිසුවියගේ මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට සිරුර මුලතිව් රෝහලට යොමු කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
Share This Article