කොරෝනා අස්සේ බණ්ඩාරවෙල ‘මසාජ්’- තරුණියන් තිදෙනකු අසුවෙයි
Wednesday, 29 April 2020 - 7:21 | Views - 4,289

බණ්ඩාරවෙල ස්ප‍්‍රීංවත්ත ප‍්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිරීයාමට ඉවහල්වන අයුරින් පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි පස්දෙනකු ඊයේ (28* හවස අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.
අම්පාර, මිනුවන්ගොඩ සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 21, 25 සහ 27 වයසේ පසුවන තරුණියන් තිදෙනකු බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණයෙකු සහ දියතලාව කදුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි මෙම සම්බාහන මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය පුද්ගලයා ද බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොරෝනා වෛරසය පැතිරීයෑමේ අවදානමක් මතුවීම නිසා සම්බාහන මධ්‍යස්ථාන වසා දමන ලෙසට දැනුවත් කර තිබියදී මෙම පුද්ගලයා තරුණියන් යොදවමින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන බවට බණ්ඩාරවෙල පොලිසියට ලැබුණු තොරතුරුත් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
Share This Article