ලංකා විදුලි පෞද්ගලික සමාගම කොවිඩ් 19 සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළ රුපියල් මිලියන 05ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙනු ලැබුවා.
රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ආර්. ගුණරත්නද සිය වැටුප මෙම අරමුදලට පරිත්‍යාග කළ අතර ඒ අනුව ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 871 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට මෙම පරිත්‍යාග බැර කෙරෙන අතර දෙස් විදෙස් පරිත්‍යාගශිලීන් මෙම ගිණුමට දායකවී සිටිනවා.
නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇති අතර චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවද පවතිනවා.
011 - 2354479 / 011 - 2354354 යන අංක මඟින් මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැන ගැනීමට හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.