අද දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 08න් 05ක් නාවික හමුදා සාමාජිකයින්
Tuesday, 28 April 2020 - 19:20 | Views - 717
තවත් කොරෝනා ආසාදිතයන් අටදෙනකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවූ සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 596 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (28) හඳුනාගත් රෝගීන්ගෙන් පස්දෙනෙකුම නිවාඩු ලබා ගොස් සිටි නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.
එසේම මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 08 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා අද (28) පිටව ගිය අතර, ඒ අනුව සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 134 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
Share This Article