දීමනා එපා - පාර්ලිමේන්තුව කැඳවන්නයි විපක්ෂය යළි ඉල්ලයි
Tuesday, 28 April 2020 - 19:18 | Views - 646
මැතිවරණයක් නොපවත්වා, පැවති පාර්ලිමේන්තුවම යළි කැඳවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම් පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එලෙස පැවති පාර්ලිමේන්තුව කැඳවන්නේ නම් කිසිදු දීමනාවක් තමන් අපේක්ෂා නොකරන බවයි.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කියා සිටියේ පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් ජනතාවගේ වැඩි කැමැත්තක් නොමැති බවයි.
කෙසේ වෙතත් බත්තරමුල්ල - නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ අද (28) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට අප්‍රේල් 30 වනදායින් පසුවද ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ හැකියාවක් පවතින බවයි.
Share This Article