රාත්‍රී අටේ සිට යළි ඇඳිරි නීතිය - නීතීඥ සංගමයත් වැඩබලන පොලිස්පතිට ලියයි
Tuesday, 28 April 2020 - 19:15 | Views - 2,531
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අද (28) අලුයම පහට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය අද (28) රාත්‍රී 8ට යළි පැනවීමට නියමිතයි.

මැයි 01 වන සිකුරාදා දක්වා එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී අටේ සිට අලුයම පහ දක්වා පමණයි.

කෙසේ වෙතත් කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල මේ වනවිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි 4 වන සඳුදා අලූයම 5 දක්වා අඛන්ඩව ක්‍රියාත්මකයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ මේ දක්වා පුද්ගලයින් 41,079 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 10,591 ක්. අද පෙරවරු හයේ සිට දහවල් 12 දක්වා කාලය තුළ පුද්ගලයින් 76 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර, වාහන 31 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මේ අතර ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ජනතාව සිය දෛනික අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේදී තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

එමෙන්ම නඩු කටයුතු සඳහා පෙනී සිටීමේදී සේවාදායකයින් හමුවීම සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය කිරීමට සිදුවන බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් පවතින නීතිමය රාමුව යටතේ සළසා දෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ලිපියක් යොමු කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ තම සේවා දායකයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නිවසේ සිට අධිකරණයට යාමට සහ නැවත නිවසට පැමිණීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිල හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට ඉඩ ලබාදෙන ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top