ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රතිචාර දැක්වෙන
www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් සිදුකර තිබෙනවා.
මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසින්.
COVID -19 පැතිරීයාම වැළැක්වීමට අදාළ සියලු තොරතුරු සහ ක්‍රියාකාරකම්, සොයා ගැනීම් සම්බන්ධ තොරතුරු කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම වෙබ් අඩිවිය ක්‍රියාත්මක වන අතර දේශීය හා ගෝලීය වශයෙන් නවතම යාවත්කාලීන කිරීම් සමඟ නිවැරදි තොරතුරු බාධාවකින් තොරව ජනතාවට ලබාගැනීමට හැකි වන පරිදියි නිර්මාණය කර ඇත්තේ.