වෛද්‍යවරියක් වූ සංගීතා සෙට්ටිට සිය දරුවන් දැකීමේ වරම් අහිමි කළ හිටපු සැමියා
Tuesday, 28 April 2020 - 14:46 | Views - 1,448
වෛද්‍යවරියක හා දෙදරු මවකට, කොරෝනා අර්බුදය හේතුවෙන් සිය දරුවන් දෙදෙනා දැකබලා ගැනීමේ වරම් අහිමි වූ සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
අගේ හිටපු සැමියා විසින් ඇයට දරුවන් දැකීම තහනම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

වෛද්‍ය සංගීතා සෙට්ටි එක්සත් ජනපදයේ හිටපු සැමියාගේ නිවසට අප්‍රේල් 3 වැනි දින පැමිණ ඇත්තේ සිය හය හැවිරිදි හා අට හැවිරිදි දරු දෙදෙනා රැගෙන යාම සඳහායි.
 
නමුත්.. සැමියා ඇයව වළක්වාලමින් පවසා තිබුණේ, "ඇයට දරුවන් බැලීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව" සඳහන් කරමින්.
 
දරුවන්ගේ පියා වන කාර්තික්යාන් සායි ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකු බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
 
"සන්සුන්ව ආපහු යන්න, අපි අපේ ළමයි ආරක්ෂා කර ගමු. මේ තත්ත්වය පහ වුණාට පස්සෙ ඔබට දරුවෝ බලන්න පුළුවන්.."
 
ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, දරුවන් මව සමඟ කාලය ගත කළහොත් ඇගෙන් වෛරසය වැළඳීමේ ඉඩකඩ තිබිය හැකි බවයි.
 
පීඩාවට පත් සංගීතා සෙට්ටි සඳහන් කර තිබුණේ, තමා සේවය කරන රෝහලේ කොවිඩ්-19 රෝගීන්හට ප්‍රතිකාර නොකරන බවත්, සැක රෝගීන් පරීක්ෂා කිරීම පමණක් කරන බවයි.
 
"මම හදවතින්ම පීඩා වින්ඳා. ඔබ ඔබේ දරුවන්ගෙන් වෙන්වූ විට මවක් ලෙස ඔබට දැනෙන වේදනාව පැහැදිලි කිරීම අපහසුයි..." ඇය කියන්නේ වේදනාවෙන්.
 
තම දරුවන් දැක බලා ගැනීම වෙනුවෙන් ඇය නීතියේ සහය පතන්නට සුදානම් වුවද කොරෝනා අර්බුදය මැද එය සිදුවේවී යැයි විශ්වාසයක් නොමැති බවයි ඇය කියන්නේ.
 
ඇයට මෙම කාලය තුළ තම දරුවන් සමඟ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ දෙවතාවක් පමණයි.
 
කෙසේ වෙතත්, මේ ගැන නීතිමය අයුරින් ඇය කටයුතු කිරීමට සුදානම් වන බවක් දැනගන්නට ලැබෙනවා.
 
Dailymail ඇසුරිනි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top