වෛද්‍යවරියක හා දෙදරු මවකට, කොරෝනා අර්බුදය හේතුවෙන් සිය දරුවන් දෙදෙනා දැකබලා ගැනීමේ වරම් අහිමි වූ සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අගේ හිටපු සැමියා විසින් ඇයට දරුවන් දැකීම තහනම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
වෛද්‍ය සංගීතා සෙට්ටි එක්සත් ජනපදයේ හිටපු සැමියාගේ නිවසට අප්‍රේල් 3 වැනි දින පැමිණ ඇත්තේ සිය හය හැවිරිදි හා අට හැවිරිදි දරු දෙදෙනා රැගෙන යාම සඳහායි.
නමුත්.. සැමියා ඇයව වළක්වාලමින් පවසා තිබුණේ, "ඇයට දරුවන් බැලීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව" සඳහන් කරමින්.
දරුවන්ගේ පියා වන කාර්තික්යාන් සායි ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකු බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
"සන්සුන්ව ආපහු යන්න, අපි අපේ ළමයි ආරක්ෂා කර ගමු. මේ තත්ත්වය පහ වුණාට පස්සෙ ඔබට දරුවෝ බලන්න පුළුවන්.."
ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, දරුවන් මව සමඟ කාලය ගත කළහොත් ඇගෙන් වෛරසය වැළඳීමේ ඉඩකඩ තිබිය හැකි බවයි.
පීඩාවට පත් සංගීතා සෙට්ටි සඳහන් කර තිබුණේ, තමා සේවය කරන රෝහලේ කොවිඩ්-19 රෝගීන්හට ප්‍රතිකාර නොකරන බවත්, සැක රෝගීන් පරීක්ෂා කිරීම පමණක් කරන බවයි.
"මම හදවතින්ම පීඩා වින්ඳා. ඔබ ඔබේ දරුවන්ගෙන් වෙන්වූ විට මවක් ලෙස ඔබට දැනෙන වේදනාව පැහැදිලි කිරීම අපහසුයි..." ඇය කියන්නේ වේදනාවෙන්.
තම දරුවන් දැක බලා ගැනීම වෙනුවෙන් ඇය නීතියේ සහය පතන්නට සුදානම් වුවද කොරෝනා අර්බුදය මැද එය සිදුවේවී යැයි විශ්වාසයක් නොමැති බවයි ඇය කියන්නේ.
ඇයට මෙම කාලය තුළ තම දරුවන් සමඟ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ දෙවතාවක් පමණයි.
කෙසේ වෙතත්, මේ ගැන නීතිමය අයුරින් ඇය කටයුතු කිරීමට සුදානම් වන බවක් දැනගන්නට ලැබෙනවා.
Dailymail ඇසුරිනි.

