ට්‍රම්ප් කයිවාරුකාරයෙක් බවට ඔප්පු කරමින් කොරෝනා ඇමරිකාවේ ජීවිත 56 දහසකට මරු කැඳවයි
Tuesday, 28 April 2020 - 14:08 | Views - 1,158

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට තිස් ලක්ෂ 60,000 ඉක්මවා ඇති අතර, මරණ දෙලක්ෂ 11,000ක් ද වාර්තා වුණා.
කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් වැඩිම පීඩාවට ලක්වූ ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිත සංඛ්‍යාව ද මේ වන විට දස ලක්ෂය ඉක්මවා තිබීම විශේෂත්වයක්.
ඇමරිකාවෙන් කොරෝනා මරණ 56,677ක් ද වාර්තා වී තිබෙනවා.
ඉතාලියෙන් කොරෝනා මරණ 26,977ක් ද, ස්පාඤ්ඤයෙන් මරණ 23,521ක් ද වාර්තා වන අතර, ප්‍රංශයේ කොරෝනා මරණ ද ඊයේ දිනයේ 23,000 ඉක්ම වූවා.
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද මේ වන විට 21,000 ඉක්මවා අවසන්.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ ප්‍රකාශ කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය මෙතෙක් අවසන් වී නොමැති බවයි.
එමගින් සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් අඩාල කරන අතර, විශේෂයෙන් දුප්පත් රටවල ළමයින්ගේ ප්‍රතිශක්තිකරණය හීන කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් කියා සිටියා.
අප්‍රිකාවේ, නැගෙනහිර යුරෝපයේ, ලතින් ඇමරිකාවේ සහ ඇතැම් ආසියානු රටවල කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම කණගාටුදායක කරුණක්.
මේ නිසා ඉදිරියේදී බොහෝ දෑ සිදුකිරීමට ඉතිරිව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනිවා නුවර ඊයේ පැවති අතත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියා.
දෙවැනි කොරෝනා රැල්ලක් වැළැක්වීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.
Share This Article