සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගැබිණි මව්වරුන්ට උපදෙස්
Tuesday, 28 April 2020 - 12:06 | Views - 1,038
කොවිඞ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි.
දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, උණ, පෙනීමේ දුර්වලතා, වලිප්පුව, පපුවේ හෝ උදරයේ වේදනාව, ශරීරයේ ඉදිමීම් හෝ වෙනත් තදබල අපසුතාවයන් එලෙස රෝහල් ගත විය යුතු රෝග තත්ත්වයන් ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.
එමෙන්ම, ගැබිණි මව්වරුන් කලින් වේලාවක් වෙන් කර සායනවලට සහභාගි විය යුතු බවයි ඔහු සිය නිවේදනය මගින් ඉල්ලා සිටින්නේ.
Share This Article