ඉන්දියාවේ කොරෝනා මරණවල වාර්තාගත වැඩිවීමක්
Tuesday, 28 April 2020 - 11:24 | Views - 2,220
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 1543ක් වාර්තා වී ඇති අතර, මරණ 62ක් ද වාර්තා වුණා.
ඒ අනුව ඉන්දියාවේ කොවිඞ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 29,435ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 934ක් ලෙසයි සටහන් වන්නේ.
කෙසේ නමුත්, රෝගීන් 6869ක් මේ වන විට සුවය ලබා ඇති නිසා සුවය ලැබූ පුද්ගලයන්ගේ අනුපාතය සියයට 23.33ක් ලෙස පවතින බව ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.
මේ අතර, කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින ප්‍රදේශවල දැඩි සීමාවන් ක්‍රියාත්මක කිරීමට මෝදි රජය පියවර ගෙන තිබෙනවා.
Share This Article