විවාහ වුණාම, දරුවෝ ලැබුණම කලාකාරිනියන් දැනගන්න ඕනේ තමන් ඊට කලින් ලස්සනට හිටියා වගේම ඇඟ ලස්සනට හදාගන්න
Tuesday, 28 April 2020 - 9:48 | Views - 1,089
මම අම්මා කෙනෙක් වුණා. ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. පවුලේ හැමෝම, එකතු වුණ අලුත් සාමාජිකයා නිසා සතුටින් ඉන්නේ.

කවුද මේ චමත්කාගේ ජීවිතයට එකතු වුණ පුංචි අමුත්තා?
පුතෙක් තමයි අපේ ජීවිතයට එකතු වුණේ. එයාගේ නම බිනෝන් අග්‍ර මුහන්දිරම්.

ඒ නම චමත්කාගේ කැමැත්තටම තිබ්බ නමක්ද?
පුතෙක්ට අග්‍ර කියන නම තියන්න ඕන කියන අදහස කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණා. බිනෝන් කියන නම පවුලේ අනෙක් හැමෝගෙම කැමැත්ත මත පුතාගේ නමට දැම්මේ.

ඒ කියන්නේ චමත්කා හා හා පුරා කියලා පුතෙක්මද බලාපොරොත්තු වුණේ?
ඔව්. මම පුතෙක්ට තමයි ගොඩක් කැමැත්තෙන් හිටියේ. ඒ වගේම අපේ ජීවිතයට මුලින්ම ආවේ පුතෙක්.

සැමියත් මුලින්ම පුතෙක්ටද කැමැත්තෙන් හිටියේ.?
සැමියත් පුතෙක්ට කැමැත්තෙන් හිටියා. හැබැයි පුතෙක්ට වැඩිය කැමැත්තෙන් හිටියේ මම.

පුතා ලැබෙන්න ඉන්න කාලේ චමත්කා කළ ඡායාරූප පෙළත් බොහෝ අයගේ අවධානය දිනා ගත්තා නේද?
ඔව්. මම ඒ ඡායාරූප දැම්මේ පුතා ලැබෙන්න රෝහල්ගත වුණාට පස්සේ. ගොඩක් අය ඒ ඡායාරූප දැකලා සුබ පතලා තිබ්බා. ගොඩක් අය දැන් දැනගෙන ඉන්නේ මං කොහොම කෙනෙක්ද කියලා. සමහර ප්‍රේක්ෂකයෝ නම් ඉතිං ඒවා හරියට තේරුම් ගන්නේ නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් මම මගේ විදිහට අපිට අවශ්‍ය දේ කළා.

පුතා චමත්කා වගේද? සැමියා වගේ කියලද ප්‍රතිචාර ලැබෙන්නේ?
හැමෝම කියන්නේ පුතා මගේම කොපියක් කියලා. පුතා මං වගේ කියද්දී ඉතිං සතුටක් දැනෙනවා.

පුතා ලොකු වෙලා කවදාහරි අම්මා වගේ කලාවේ ගමනක් තෝරා ගත්තොත් චමත්කා එයට ඉඩ දෙනවද?
මම කැමතියි එයා කවදාහරි රඟපෑමට එනවට. එයාට කැමති හොඳ දෙයක් කරන්න මම එයාට නිදහස දෙනවා.

සැමියා දැන් ලංකාවට ඇවිත්ද ඉන්නේ?
ඔව්. මට පුතා ලැබෙන්න ඉද්දී සැමියා ලංකාවට ආවා. මගේ අම්මත් විදේශගතව හිටියේ. අම්මත් ලංකාවට ආවා. පුතා ලැබෙන්න කලින්ම අග්‍රගේ ලැබීමට පවුලේ හැමෝම එකතුවුණා. දැන් අග්‍ර පුතා හැමෝගෙම ආදරය විඳිමින් ඉන්නවා.

පුංචි දරුවෙක් වෙනුවෙන් ඉටු කරන්න ඕන වැඩකටයුතු එමටයිනේ. සැමියාත් නිදි වරමින් පුතාගේ වැඩකටයුතුවලට හවුල් වෙනවාද?
ඔව්. සැමියයි මමයි තමයි පුතාගේ වැඩ කරන්නේ. අග්‍ර පුතාගේ අත්තම්මලා දෙන්නත් ගෙදර හැම දෙයකටම අපිට උදවු කරනවා.

දැන් ඉතිං මවු භූමිකාව එක්ක වගකීම් වැඩියි නේද?
ඔව්. මම මුලින් තනියම ජීවත් වුණ කෙනෙක්. මගේ හිතුමතේට ජීවත් වුණ කෙනෙක්. විවාහ වුණා කියලා නෑ. මම හිතුමතේට වැඩ කරනවා. දරුවෙක් එක්ක ජීවිතේට වගකීම් කොච්චර එකතු වෙනවාද? අම්මලා කවදාවත් දරුවන්ගේ බරෙන් නිදහස් වෙන්නේ නෑ. අපේ අම්මලා වුණත් තාම අපිව බලා ගන්නවනේ. මම ඉතිං මවක් විදිහට පුතාට උපරිම දේ කරන්න කැපවෙනවා.

චමත්කා මවක් වුණා කියලා කලා කටයුතුවලින් අෑත් වෙන එකක් නැද්ද?
නෑ. නෑ. කලාවෙන් නම් අෑත් වෙන්නේ නෑ. මම පුතා ලැබෙන්න ඉන්න කාලෙත් ෆොටෝ ෂූට් කළාා. බඩ පෙනෙන කාලය වෙද්දී වැඩ කරන එක නැවැත්තුවා. හුස්ම චිත්‍රපටයේ තමයි මම අන්තිමට රඟපෑවේ. මම සම්බන්ධ වුණ ඊතලය චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළත් ඇති වුණ තත්ත්වය එක්ක තිරගත කිරීම් නවත්තන්න සිද්ධ වුණා. ඉතිං ඉදිරියේදී ආයෙත් වැඩ පටන්ගන්න හිතාගෙන ඉන්නේ.

විවාහ වුණාම දරුවෝ ලැබුණම සමහර රංගන ශිල්පිනියන්ට ක්‍ෂේත්‍රයේ ඉල්ලුම අඩු වෙනවලු. චමත්කාට එහෙම වෙන එකක් නැද්ද?
විවාහ වුණාම, දරුවෝ ලැබුණම කලාකාරිනියන් දැනගන්න ඕනේ තමන් ඊට කලින් ලස්සනට හිටියා වගේම ඇඟ ලස්සනට හදාගන්න. ඒ වෙනුවෙන් කම්මැළි වෙන්න හොඳ නැහැ. මමත් මගේ ඇඟ ගැන හිතනවා. තම තමන් හරියට දේවල් පවත්වාගෙන ඉල්ලුම තියාගන්න ඕන.

ඒ කියන්නේ චමත්කා ඉල්ලුම හදාගනියිද?
ඔව්. මගේ චරිත කරන්න ඉන්න පිරිස අඩුයි. ඒ නිසා මට තියෙන ඉල්ලුම අඩු වෙන එකක් නෑ.

දැන් මවක් නිසා චමත්කා කරපු දේවල්වලට සීමා පනවා ගනියිද?
මම මගේ රැකියාවයි පෞද්ගලික ජීවිතයයි පටලාගන්නේ නැහැ. ඉස්සරහටත් එහෙමයි. මම විවාහ වෙලා තමයි ගොඩක් වැඩ කළේ. ඒ නිසා මට ඉස්සරහටත් කලා ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි පටලාගන්නේ නැතිව වැඩ කරන්න පුළුවන්.

සැමියාත් සීමා දාන එකක් නැද්ද?
නැහැ. මගේ සැමියාට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. එයත් මම වගේම හිතන කෙනෙක්. ඒකනේ මට නිදහසේ වැඩ කරන්න පුළුවන්.

රංගන කටයුතුවලට එකතු වුණොත් පුතාගේ වැඩකටයුතු මඟ හැරෙන එකක් නැද්ද?
නැහැ. මම පුතා වෙනුවෙන් කිසිම දෙයක් මඟ හරින්නේ නැහැ. එයාගේ වැඩත් එක්ක මට කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන්.

දැන් චමත්කා ශරීරය හැඩය පවත්වා ගන්න මහන්සි වෙනවත් ඇති?
ඔව්. මම බබා ලැබෙන්න ඉන්න කාලෙත් ලොකුවට මහත් වුණේ නෑ. මම ඒ කාලෙත් නිසි ආහාර රටාවක් පවත්වාගෙන ගියා. දැනුත් එහෙමයි. ඒ නිසා මට ශරීර හැඩය නිසි විධියට පවත්වගෙන යන්න පුළුවන්.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?
ඔව්. සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒත් මේ පවතින තත්ත්වය එක්ක වැඩකටයුතු කල් ගියා.

මොනවද ඉදිරි සැලසුම්?
කලා කටයුතු වගේම අධ්‍යාපන කටයුතු හරියට කරගන්න ඕනේ. පුතත් ඉන්න නිසා වෙනදාටත් වඩා සතුටින් ජීවත් වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top