කොවිඩ් -19 ආසාදනයේ නව රෝග ලක්ෂණ හඳුනා ගැනේ
Tuesday, 28 April 2020 - 9:12 | Views - 4,323
උණ, කැස්ස ඇතුළු දැනට පවතින රෝග ලක්ෂණවලට අමතරව කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයේ තවත් රෝග ලක්ෂණ පෙළක් සී.ඞී.සී. හෙවත් ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
උසස් පරීක්ෂණාගාර ක්‍රියාවලියකින් අනතුරුව හඳුනා ගත් එම රෝග ලක්ෂණ ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඇමරිකානු රෝග පාලන ආයතනය සඳහන් කළේ සුළු රෝග ලක්ෂණවල සිට බරපතල අසනීප දක්වා වූ එම රෝග ලක්ෂණ වෛරසය ආසාදනය වී දින දෙකත්, 14ත් අතර කාලය තුළ මතු විය හැකි බවයි.
එම රෝග ලක්ෂණවලට අධික ශීතල සහ නැවත නැවත වෙව්ලීම, මස් පිඬු වේදනා, හිසරදය සහ රසය හෝ සුවඳ නොදැනීම අයත්. එම රෝග ලක්ෂණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් නයින්ටීන් හඳුනා ගැනීමේ රෝග ලක්ෂණවලට අයත් නොවීම විශේෂත්වයක්.
එහි දක්වා ඇති කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ වන්නේ උණ, වියළි කැස්ස, වෙහෙසකාරී බව, රිදුම් සහ වේදනා, නාසයේ තදවීම, උගුරේ ආසාදන තත්ත්වය සහ පාචනයයි.
Share This Article