නාවික හමුදා සෙබලුන් ප්රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වෙයි
Tuesday, 28 April 2020 - 8:31 | Views - 1,381
නාවික හමුදා සෙබළුන් ප්රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ නාවික හමුදා සෙබලූන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ගාල්ල - කොළඹ ප්රධාන මාර්ගයේ අම්බලන්ගොඩ - රන්දොඹේ ප්රදේශයේදී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙනුයි ඊයේ රාත්රියේ මෙම අනතුර සිදුව ඇත්තේ.
මෙම සෙබලූන් නාවික හමුදා මූලස්ථානය වෙත ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, නාරම්මල - කුලියාපිටිය ප්රධාන මාර්ගයේ කඩහපොළ - ගල්වංගුව ප්රදේශයේදී ඊයේ රාත්රියේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔහු ගමන් ගත් යතුරුපැදිය කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
Share This Article