ඔලුවේ කැක්කුමක් හැදුනම එයින් මිදෙන හැටි දැනගන්න
Tuesday, 14 March 2017 - 19:20 | Views - 11,534
ඔලුවේ කැක්කුමක් හැදෙනවා කියන්නේ ඉතින් අපේ හැම වැඩක්ම මන්දගාමී වෙන්න හේතුවක්.
මේ ඔලුවේ කැක්කුම එන්න විවිධ හේතු බලපානවා. දැඩි හිරු රශ්මියේ ඇවිද්දම, වේලාවට කන්නේ නැති වුනාම, ප්‍රමාණවත් නින්දක් ලැබුනේ නැති වුනාම වගේ හේතු ගොඩක් තියෙනවා.
මේ ඔලුවේ කැක්කුමට පුංචි හරි සහනයක් ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තමයි මේ.
නළල මසාජ් කරන්න
ඇස්වලට ඉහළින් ඇහිබැම ඉවර වෙන තැන නළල උඩට කැරකෙන විදියට ඇඟිලි දෙකකින් දෙපැත්තම හොඳින් මසාජ් කරන්න.
බෙල්ල මසාජ් කරන්න
බෙල්ල පිටිපස්සේ කොණ්ඩේ ඉවර වෙන තැනින් ඇඟිලි දෙකෙන් දෙපැත්තට කරකවමින් මසාජ් කරන්න.
ආමන්ඩ් ඇට කිහිපයක් කන්න
ඔලුවේ කැක්කුමක් හැදිගෙන එනකොට ආමන්ඩ් ඇට කිහිපයක් කාල බලන්න. ඉක්මනින්ම ඔලුවේ කැක්කුම ඇරිලා යාවී.
අයිස් කැට
අයිස් කැට කිහිපයක් රෙදි කඩක ඔතා බෙල්ලෙ පිටුපස තබාගන්න.
පෙපර්මින්ට්
පෙපර්මින්ට් ටොෆියක් එක්ක වතුර ටිකක් බොන්න. ඔබට සහනයක් දැනෙයි. එහෙම නැතිනම් පෙපර්මින් තෙල් ටිකක් අරන් නළලෙයි, කන දෙපැත්තෙයි ආලේප කරන්න.
ඇවිදින්න
පුළුවන්නම් ගහක් කොළක් තියෙන පරිසරයක පොඩ්ඩක් ඇවිදින්න. ස්වාභාවික හුළඟක් වදිනකොට ස්ට්‍රෙස් ගතිය අඩුවෙලා ඔලුවට සහනයක් දැනෙනවා.
වතුර
දවසකට පුළුවන් තරම් පිරිසිදු ජලය පානය කරන්න.
ඉඟුරු
ඉඟුරු පෙති ටිකක් පොඩියට කපාගෙන වතුර කෝප්ප දෙකකට දාල මිනිත්තු 30කින් විතර පසු පානය කරන්න.
විවේකය
පුළුවන්නම් ඔලුවේ කැක්කුමක් හැදුන වේලාවට ටිකක් විවේක ගන්න. ස්ට්‍රේස් එක අඩු වුනාම ඔලුවේ කැක්කුමත් අඩු වෙලා යයි.
Share This Article