පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ඇතුළු පිරිස රැදී සිටි, තවත් ස්ථානයක් හඳුනා ගනී
Tuesday, 28 April 2020 - 7:28 | Views - 647
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන සහරාන් හෂීම් ඇතුළු පිරිස රැදී සිටි බවට සැක කෙරෙන තවත් ස්ථානයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

 ත්‍රිකුණාමලය - ඉක්බාල් නගර් ප්‍රදේශයේ භූමියක් පසුගිය දා මෙලෙස පරීක්ෂාවට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, සහරාන් හෂීම් ඇතුලූ පිරිස ප්‍රහාර සැලසුම් කිරීම සඳහා එක්රැස්වූ ස්ථාන කිහිපයක් ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයෙන් සොයා ගැනීමට ආරක්ෂක අංශ පසුගිය දා සමත් වුණා.

අක්කර 15ක භූමි භාගයකින් යුත් එම ඉඩම ගොවිපළක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර, එහි හිමිකරු ලෙස සඳහන් වන්නේ තෝපූර් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

ඔහු 2011 වසරේ සිට 2015  වසර දක්වා මූතුර් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ඔහුගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සාදික් නමැති ප්‍රධාන පෙළේ සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.  

පසුගියදා මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාළ ප්‍රදේශය වෙත රැගෙන ගිය අවස්ථාවේදී මෙම ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු හෙලි කර තිබෙනවා.

මෙම සැකකරු මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ ප්‍රධාන චූදිතයෙක් ද වනවා.

ඔහු 2014 වසරේදී තුර්කිය හරහා සිරියාවට ගොස් අයි.එස්. පුහුණුව ලබා ඇති බවයි විමර්ශනවලදී හෙලි වී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top