කොරෝනා ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් සංඛ්‍යාව 181 දක්වා ඉහළට
Tuesday, 28 April 2020 - 7:26 | Views - 856
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 588 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් නව ආසාදිතයින් 65 දෙනෙකු වාර්තා වූ අතර එය මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. ඉන් 44ක්ම  නාවික හමුදා සාමාජිකයින්.

ඒ අනුව වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊට නාවික හමුදා කදවුරේ සිටි 113 දෙනෙකු සහ නිවාඩු ගොස් සිටි 68 දෙනෙකු අයත්.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව ද 455 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව සුවය ලබා රෝහලෙන් නික්මුණු සංඛ්‍යාව 126ක්.

ඉතා කෙටි කාලයක් තුළ සීග්‍රයෙන් කොරෝනා ආසාදිතයින් මෙලෙස වාර්තා වීම හේතුවෙන් ඉදිරියේදී ඒ පිළිබදව දැඩි අවධානයක් යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළිත් අනතුරු අගවනවා.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනා රැගත් විශේෂ ගුවන් යානය ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1423 දරණ විශේෂ ගුවන් යානයෙන් මොවුන් දිවයිනට පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

ගුවන් තොටුපළ තුළ දී විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු යුද හමුදාවේ මැදිහත් වීමෙන් ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලැබුවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top