දැනට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කළ හැකි දින වකවානු ගැන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කළ හෙළිදරව්ව
දැනට පනවා ඇති ඇඳිරිනීතිය කිසිඳු ගැටලුවකින් තොරව ඉවත් කළ හැකි වන්නේ දින 28ක් අඛණ්ඩව කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා නොවුණහොත් පමණක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, හිරු ටී.වී. ඔස්සේ විකාශය වන ‘‘රට සහ හෙට“ වැඩසටහනට එක්වෙමින්.
ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වුණා.