ලොවපුරා වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 30 ඉක්ම වනවා. වාර්තා වන මරණ සංඛ්‍යාව දෙලක්ෂ හත්දහස් එකසිය තුනක්.
කලක් වෛරසයේ දැඩි බලපෑමකට ලක්ව තිබූ ඉතාලිය මේ වනවිට පනවා ඇති සංචරණ නීති ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.
ලොව රටවල් සහ කලාප 210කින් පමණ වාර්තා වන කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන්ගේ සංඛ්‍යාව මේ වනවිට තිස්ලක්ෂ තුන්දහස් අටසිය අසූනවය දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලොවපුරා වාර්තා වන මරණ සංඛ්‍යාව දෙලක්ෂ හත්දහස් එකසිය තුනක්.
වෛරසයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති ඇමරිකාවේ මේ වනවිට ආසාදිතයන් නව ලක්ෂ අසූහත්දහස් තුන්සිය විසිදෙකක් වාර්තා වන්නේ ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 26,509ක් හමුවීමත් සමඟයි.
ඇමරිකාවේ සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 55,415ක්.
ඇමරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට නොලැබුණත් නිවෙස්වල රැඳී සිටින ලෙසට පනවා ඇති නිරෝධායන රෙගුලාසි ලිහින් කරන ලෙස බල කරමින් සෙන් දියාගෝ ඇතුළු ප්‍රාන්ත රැසක ජනතාව තවමත් විරෝධතාවල නිරත වන අයුරු දැකිය හැකියි.
යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ලව ඇති ස්පාඤ්ඤයෙන් ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 2870ක් වාර්තාවීමත් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,26,629 දක්වා ඉහළ ගියා.
ස්පාඤ්ඤයේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 23,190ක්.
ලොව තෙවැනියට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලියෙන් ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 2324ක් වාර්තාවීමත් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 197,675 දක්වා ඉහළ ගියා.
ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව 26,644ක්.
දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සහ මරණවල අඩුවීම සැලකිල්ලට ගනිමින් සති 7ක් පුරා පනවා තිබු සංචරණ සීමා ඇතුළු දැඩි නීතිරීති මැයි 4 වැනිදා සිට ලිහිල් කිරීමට අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, තහනම ලිහිල් කළ ද දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඉතාලි අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද යළි සිය රාජකාරී ආරම්භ කළා.
මාධ්‍ය අමතමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ එක්සත් රාජධානියට තවමත් වෛරසයෙන් උපරිම අවදානමක් ඇති බැවින් නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමට ඉක්මන් නොවන බවයි.
"මට කනගාටුයි. මම කැමති ප්‍රමාණයට වඩා වැඩි කාලයක් මට රාජකාරීවලින් ඈත්වීමට සිදුවුණා. ඒ වගේම මේ මොහොතේ නැඟී සිටින සියලුදෙනාට ස්තූති කරන්නටත් මට අවශ්‍යයි. මේ වෛරසය රටවැසියන් සියලුදෙනාට දිනපතාම ශෝකාකූල අත්දැකීම් එකතු කරන බව මම දන්නවා. යුද්ධයෙන් පසු මේ රට මුහුණ දී ඇති විශාලතම අභියෝගය මෙය බව සත්‍යයක්.."
මේ අතර, ජර්මනියෙන් කොවිඩ් 19 ආසාදිතයන් එක්ලක්ෂ 57,770ක් වාර්තා වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊට සාපේක්ෂව 5976ක් තරම් පහළ අගයක්.
කෙසේ වුවත්, මහ මඟ ගමන් කරන පුද්ගලයන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ජර්මානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මේ අතර, නවසීලන්තයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 1469ක් වාර්තා වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 19ක්.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පවසන්නේ ප්‍රජාව අතර කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම මේ වනවිට තම රට සාර්ථකව පාලනය කර ඇති බවයි.
ඒ අනුව නවසීලන්තය තුළ පනවා ඇති දැඩි නීතිරීති ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය පවසනවා.
අසල්වැසි ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් 27,977 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 1607ක් හමුවීමත් සමඟයි.
ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව මරණ 56ක් වාර්තා වූ අතර, සමස්ත මරණ සංඛ්‍යාව 884 දක්වා ඉහළ ගියා.
සමාජ දුරස්ථභාවයේ වැදගත්කම සහ වෛරසයේ භයානක තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට දිල්ලි පොලීසිය කටයුතු කළා.
කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ පෙරමුණ ගෙන කටයුතු කරන වෘත්තිකයන් හා සමාජ ක්‍රියාකාරීන් ගෞරව කරමින් උතුරු ඉන්දියාවේ මාර්ගයක සිතුවම් කිරීමට තරුණයෙකු කටයුතු කර තිබුණා.
කොවිඩ් 19 ආසාදනයවීමෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුගේ 64 වන ජන්ම දිනය සැමරීමට වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් කටයුතු කරන මේ පුවත ග්‍රීසියෙන් වාර්තා වුණා.
වෛරසයේ ව්‍යාප්තිය ඇරඹී චීනය මේ වනවිට වෛරසය කැපී පෙනෙන ලෙස පාලනය කිරීමට සමත්ව තිබෙනවා.
ගත වූ පැය 24 තුළ එරටින් ආසාදිතයන් තිදෙනෙකු පමණක් හමුවී ඇති අතර, එක් පුද්ගල මරණයක් පමණක් සිදුව තිබෙනවා.
මේ අතර, කොවිඩ් 19 වෛරසය පිළිබඳ වැරදි තොරතුරු ලබාදෙන බවට චීනයට එල්ල වන චෝදනා සම්බන්ධව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය කරුණු පැහැදිලි කළා.
"මම පළමුව කියන්න ඕනේ චීනය සෑම විටම වැරදි තොරතුරු නිර්මාණය කිරීමට හා ව්‍යාප්ත කිරීමට විරුද්ධයි. එවැනි හැසිරීමක් සම්බන්ධව ඕනෑම කෙනෙකුට හෝ ඕනෑම ආයතනයකට අපි එරෙහි වෙනවා. චීනය වැරදි තොරතුරුවල ගොදුරක් මිස එහි ආරම්භකයෙකු නොවේ..."
මේ අතර, කුවේට් සහ කටාර් රාජ්‍යයන්වල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා.