හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්
Tuesday, 28 April 2020 - 7:12 | Views - 609

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කිරීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කර තිබෙනවා.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක වනු ඇති.
ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මඟ පෙන්වීම යටතේ හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය, නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා තිබෙනවා.
ත්‍රිවිධ හමුදා කඳවුරු තුළ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයි ජනාධිපතිවරයා එහිදී විශේෂඥ කණ්ඩායමට දැනුම් දී සිටියා.
නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වය දිය යුතු අතර කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කරගන්නා ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදෙනු ලැබුවා.
රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් අවධාරණය කර සිටියා.
Share This Article