ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 588ක් දක්වා ඉහළට
Tuesday, 28 April 2020 - 7:09 | Views - 987
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 588ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ තවත් රෝගීන් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
ඊයේ දිනය තුළ මෙරටින් හඳුනා ගැනුනු ආසාදිතයන් සංඛ්‍යාව 65ක්.
මේ වන විට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් 455 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
ප්රතිකාරවලින් පසු සුවය ලැබූ 126 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 7ක්.
Share This Article