අවදානම් දිස්ත්රික්ක 04 හැර සෙසු දිස්ත්රික්කවලට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
Tuesday, 28 April 2020 - 7:06 | Views - 752
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන කොවිඩ් 19 අවදානම ඉහළ දිස්ත්රික්ක 04 හැර සෙසු දිස්ත්රික්ක සඳහා අද (28) අලුයම 5.00ට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණා.
ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්රික්ක සඳහා රාත්රී 8.00ට ඇඳිරි නීතිය යළි පනවනු ඇති.
මැයි මස 01 වනදා දක්වා අළුයම 5.00 සිට රාත්රී 8.00 දක්වා අවදානම් දිස්ත්රික්ක 04 හැර සෙසු දිස්ත්රික්ක සඳහා මෙම ක්රමය බලත්මක වනවා.
Share This Article