පාර්ලිමේන්තුව කැඳවන ලෙසට විපක්ෂයෙන් ජනපතිට ඉල්ලීමක්
Monday, 27 April 2020 - 20:09 | Views - 721
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවීමට හෝ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා පක්ෂ නායකවරුන් පිරිසක් විසින් යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා වෙත වගකීමෙන් සහයෝගය දීමේ කොන්දේසිය මතයි.

අදාළ යෝජනාව අද දිනයේ ජනාධිපතිවරයා වෙත යැවූ බවයි සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළේ.

මෙම යෝජනාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අත්සන් තබා තිබෙනවා.

මීට අමතරව, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් ද අත්සන් තබා ඇති බව සඳහන්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top