පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවීමට හෝ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා පක්ෂ නායකවරුන් පිරිසක් විසින් යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයා වෙත වගකීමෙන් සහයෝගය දීමේ කොන්දේසිය මතයි.
අදාළ යෝජනාව අද දිනයේ ජනාධිපතිවරයා වෙත යැවූ බවයි සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළේ.
මෙම යෝජනාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අත්සන් තබා තිබෙනවා.
මීට අමතරව, දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම්, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් ද අත්සන් තබා ඇති බව සඳහන්.