තහවුරු කරන ලද තොරතුරුවලට අනුව ලෝකයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන ඇත්තේ සතුන් 4 දෙනෙකුට පමණක් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි පශු සම්පත් සැලසුම් අංශයේ අධ්යක්ෂ ආචාර්ය සුසිල් සිල්වා කියා සිටියේ බළලුන් දෙදෙනෙකු, සුනඛයෙකු සහ ව්යාඝ්රයෙකුගේ ශරීරය තුළ තිබී කොවිඩ්-19 වෛරසය හඳුනාගෙන ඇති බවයි.
එහෙත් එම සතුන්ගෙන් මිනිසෙකුට හෝ තවත් සතෙකුට වෛරසය වැළදෙන බවට මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කර නොමැති බව ද ආචාර්ය සුසිල් සිල්වා සඳහන් කළා.
මේ අතර, මෙරට සුනඛයින් අතර ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වෛරසයක් මේ දිනවල පැතිර යන බවයි ඔහු සඳහන් කළේ.
කොරෝනා ආසාදිතයින් වාර්තා වන ජාඇල - සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් පැතිර ගියා.
මෙම සුනඛයාට ද වැළදී ඇත්තේ මෙම වෛරසය බවට සැක කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය සුසිල් සිල්වා කියා සිටියා.
කෙසේ වෙතත්, සුරතල් සතුන් විදේශ රටක සිට මෙරටට ගෙන්වීම තවදුරටත් තහනම් කර තිබෙනවා.