ලෝකයේ කොරෝනා ආසාදනය වී ඇති සත්ත්වයින් 4ක්
Monday, 27 April 2020 - 20:07 | Views - 1,666
තහවුරු කරන ලද තොරතුරුවලට අනුව ලෝකයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන ඇත්තේ සතුන් 4 දෙනෙකුට පමණක් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි පශු සම්පත් සැලසුම් අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සුසිල් සිල්වා කියා සිටියේ බළලුන් දෙදෙනෙකු, සුනඛයෙකු සහ ව්‍යාඝ්‍රයෙකුගේ ශරීරය තුළ තිබී කොවිඩ්-19 වෛරසය හඳුනාගෙන ඇති බවයි.

එහෙත් එම සතුන්ගෙන් මිනිසෙකුට හෝ තවත් සතෙකුට වෛරසය වැළදෙන බවට මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කර නොමැති බව ද ආචාර්ය සුසිල් සිල්වා සඳහන් කළා.

මේ අතර, මෙරට සුනඛයින් අතර ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වෛරසයක් මේ දිනවල පැතිර යන බවයි ඔහු සඳහන් කළේ.

කොරෝනා ආසාදිතයින් වාර්තා වන ජාඇල - සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් පැතිර ගියා.

මෙම සුනඛයාට ද වැළදී ඇත්තේ මෙම වෛරසය බවට සැක කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය සුසිල් සිල්වා කියා සිටියා.

කෙසේ වෙතත්, සුරතල් සතුන් විදේශ රටක සිට මෙරටට ගෙන්වීම තවදුරටත් තහනම් කර තිබෙනවා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top