අවදානම් කලාප හැර සෙසු දිස්ත්රික්කවලට හෙට අලුයම 5ට ඇඳිරි නීතිය ඉවත් වෙයි
Monday, 27 April 2020 - 20:02 | Views - 1,038
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්රික්ක හැර සෙසු දිස්ත්රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කෙරෙනවා.
එලෙස ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළිත් රාත්රී 8ට පැනවෙනු ඇති.
මැයි 1 වන දා දක්වා එම දිස්ත්රික්කවලට ඇඳිරි නීතිය ක්රියාත්මක වන්නේ රාත්රී 8 සිට පසුදා අලුයම 5 දක්වායි.
කෙසේ වෙතත්, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්රික්කවල දැන් පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 වැනි සඳුදා අළුයම 5.00 දක්වා ක්රියාත්මකයි.
Share This Article