කොරෝනා වෛරසය සඳහා වසරක් තුළ සාර්ථක එන්නතක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බව ලොව දෙවන ධනවත්ම පුද්ගලයා වන මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසනවා.
ඔහු කියා සිටියේ ඇතැමුන් පවසන පරිදි කොවිඩි නයින්ටීන් එන්නතක් සැප්තැම්බර් මාසයේදී නිෂ්පාදනය ආරම්භ කිරීම යථාර්ථයක් නොවන බවයි.
ලොව ප්‍රකට දානපතියෙකු ද වන බිල් ගේට්ස් මේ වන විට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ව්‍යාපෘති 7ක් සඳහා මූල්‍ය දායකත්වය සපයනවා.
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මේ වන විට කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ලබාදී ඇති දායකත්වය ඩොලර් මිලියන 250කට අධිකයි.