සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 10346ක් A 9ක් ලබාගනී - සියයට 73.84කට උසස්පෙළ වරම්
Monday, 27 April 2020 - 16:22 | Views - 1,684
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි අයදුම්කරුවන් 717,246 දෙනෙකු අතරින් සිසුන් 10346 දෙනෙකු A සාමාර්ථ 9ක් ලබාගෙන උසස්පෙළ සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

මේ අතර මෙවර විභාගයට පෙනී සිටි සිසුන් අතරින් සියයට 73.84ක ප්‍රතිශතයක් උසස්පෙළ සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

එසේම මෙවර ගණිතය සමත් ප්‍රතිශතය සියයට 66.82ක් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රතිඵල www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද බලා ගත හැකියි.

කොරෝනා වසංගතයත් සමඟ උද්ගතවූ තත්ත්වය හමුවේ ප්‍රතිඵල, පාසල් වෙත සුපුරුදු පරිදි තැපැල් කිරීමක් සිදු නොකෙරෙන අතර, විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට මුරපද යොදාගෙන ඔන්ලයින් ක්‍රමයට ලබාදීමේ විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් ඇත්නම් 011 27 84 208 හෝ 011 27 84 537 මෙන්ම 011 31 88 350 යන දුරකථන අංක ඇමතීමෙන් විමසිය හැකියි.

මීට අමතරව 1911 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 717,246 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top