අද දිනයේ මේ දක්වා වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතරින් අවසානයට තහවුරු වූ ආසාදිතයන් 34දෙනාම නාවික හමුදා නිලධාරීන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව මේ දක්වා මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට අමතරව තවත් පුද්ගලයින් 6 දෙනෙකු අද සුවය ලබා නිවෙස් වෙත යාමත් සමඟ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 126 දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදියන් සංඛ්‍යාව ද මේ වනවිට මිලියන 3 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, ආසාදිතයින් තිස් ලක්ෂ 3392 දෙනෙකු මේ වනවිට වාර්තා වන අතර, ලොව පුරා කොරෝනා මරණ දෙලක්ෂ 7096 ක් ද වාර්තා වුණා.
ඉන් මරණ 55,415 ක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
එහි ආසාදිතයන් සංඛ්‍යාව ද මේ වනවිට නවලක්ෂ 87,322 දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ අතර, ප්‍රධාන අමාත්‍යවරුන් සමඟ වීඩියෝ සංවාදයකට එක්වීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ඉහළ මට්ටමක පවතින ප්‍රදේශ මැයි 3 වනදායින් පසුව ද වසාදැමීමට පියවර ගන්නා බවයි.
අග්‍රාමාත්‍ය මෝදි අද ඉන්දියාවේ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරුන් 9 දෙනෙකු සමඟ මෙලෙස වීඩියෝ මාර්ගයෙන් සාකච්ඡාවක නිරත වුණා.
එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ආර්ථිකයට වඩා ජිවිත බේරා ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමුවිය යුතු බවයි.
කොරෝනා වෛරස් ව්‍යාප්තියේ තත්ත්වය අනුව දිස්ත්‍රික්ක රතු, තැඹිලි සහ හරිත කලාප ලෙස වෙන් කිරීමට පියවර ගන්නා ලෙස ද ඔහු ප්‍රධාන අමාත්‍යවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා.
කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ සීමාවන් ඉවත් කරනු ලබන්නේ අදාළ කලාප සැලකිල්ලට ගනිමින්.